අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පොසොන් උත්සවය ජුනි මස 18 වන දින දක්වා

    ජූනි 15, 2019

    2019 ජුනි මස 16 වෙනි දිනට යෙදී ඇති පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි මස 12 සිට 18 වන දින දක්වා වූ කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.


    මෙවර පොසොන් තේමා පාඨය ලෙස “සබ්බේ තසන්ථි දණ්ඩස්ස” (සියලු සත්වයෝ දඬුවමට බිය වෙති) යන ගාථා පාඨය තෝරා ගෙන ඇති බව අභ්‍යන්තර,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.


    එමෙන්ම මෙකී සතියක කාල සීමාව තුළ රජයේ සියලුම ආයතනවල සහ ගොඩනැඟිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත්, පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් තීරණය කර තිබේ.


    මෙයට සමගාමීව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් තම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කර ග්‍රාමීය මට්ටමෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

    මීට අමතරව සියලුම අන්‍යාගමිකයින්ගේ සහයෝගය ලැබෙන පරිදි සහ ආගමික සංහිඳියාව වර්ධනය වන ආකාරයට සියලුම ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පොසොන් උත්සව පවත්වන ලෙසටද උපදෙස් දී තිබේ. මේ පිළිබඳව සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශිය ලේකම්වරු වෙත චක්‍රලේඛයක් මගින් දන්වා යවා ඇති බව ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya