අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයිනේ හිටපු ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

    ජූනි 15, 2019

    මාලදිවයින් ජනරජයේ හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහමඩ් නෂීඩ් මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියේ ය.

    මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් පරිදිය.

    "ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත්, ශ්‍රෙ ලංකාවට උදව් කරන ලෙසත් තමා සකල ලෝකවාසීන්ගෙන්ම ඉල්ලා සිටින" බව ගුවන් තොටුපළේදී ප්‍රකාශයක් කරමින් නෂීඩ් මහතා පැවසීය. ශ්‍රී ලංකාවාසීන් සහ මාල දිවයින් වාසීන් එකම සම්භවයකින් පැවතෙන ඥාතිත්වයකින් යුතු පිරිසක් බවත් ශ්‍රී ලංකාවට සිදුවන විපතක් තම රටට සිදුවන විපතක් හා සමාන බවත් පැවසූ මාල දිවයින් කථානායකවරයා තම සංචාරයේ අරමුණ ශ්‍රී ලංකාවට සහයෝගය පළ කිරීම බව කීවේය.

    මෙම නියෝජිත පිරිසට මාල දිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාලක මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ද අයත් වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරුන් විසින් නියෝජිත පිරිස පිළිගන්නා ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya