ජූනි 21, 2019
tami eng youtube  twitter facebook
    logo

    පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව සිව්වැනි දිනට රැස්වෙයි-නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා කැඳවයි

    ජූනි 13, 2019

    පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වීමට නියමිතය.

    මීට පෙර අවස්ථා තුනක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ සිව්වැනි දිනටයි. කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා අද (13) කාරක සභාව හමුවට සාක්ෂි ලබදීමට කැඳවා තිබේ. ඊට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ,රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා කැඳවා තිබේ.

    කාරක සභාව ප.ව. 2.00ට ආරම්භ වීමට නියමිතය.

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya