අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය මෙවරත් - කප් සිටුවීම අගෝස්තු 2 දින

    ජූනි 12, 2019

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය මෙවරත් රාජ්‍ය අනුග්‍රහය මත අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහතා පවසයි.

    2019 අගෝස්තු 02 වැනි දින පෙරවරු 5.10 ට යෙදෙන සුභ මොහොතින් කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන පෙරහැර මංගල්‍යය අගෝස්තු 15 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව නිමාවට පත් කරන බවද දියවඩන නිලමේවරයා තවදුරටත් පවසයි. දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කරන ලදදේ පසුගියදා මහනුවර දළදා මාලිගාවේ පැවති පෙරහැර සංවිධාන විශේෂ රැස්වීමකදීය.

    ඒ අනුව ප්‍රථම කුඔල් පෙරහැර අගෝස්තු 05 වැනි දින ආරම්භ වී අගෝස්තු 09 වැනි දින දක්වා පුරා දින 05ක කාලයක් පැවැත්වේ. අගෝස්තු 10 වැනි දින ආරම්භ කෙරෙන රන්දෝලි පෙරහැර 14 වැනි දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර, අගෝස්තු 15 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහැරත් සමග පෙරහැර අවසන් වීමට නියමිතය.
    පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක ආරක්ෂක සැලසුම් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කළ අතර, මහනුවර කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා විසින් ආරක්ෂක සැලැස්ම පැහැදිලි කරන ලදී.
    මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර මහතා, ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya