අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට වෙනුවෙන් එකට සිටිමු" මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය  ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 09, 2019
    ''රට වෙනුවෙන් එකට සිටිමු,'' මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති උත්සවය  (08) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
    දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම, නව ප්‍රතිලාභින් සඳහා සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම ඇතුථ වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිනි.

    මේ අතර තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රු. මිලියන 37ක වියදමින් ඉදිකරන ලද වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය මෙහිදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    අමාත්‍යවරුන් වන දයා ගමගේ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පා.ම එම්.ඒ. සුමන්තිරන්, කාදර් මස්තාන්, එස්. සිවමෝහන් යන මහත්වරුන් ඇතුථ මුලතිව් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් රූපවති කේදීෂ්වරන් යන මහත්ම මහත්මින් ද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුථ පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya