අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වූ ඉල්ලීම් ජනපතිගේ අවධානයට

    ජූනි 05, 2019

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අභිනවයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට (04) පස්වරුවේ එක් වෙමිනි.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දීර්ඝ කාලයක් පැවති අඩුවක් සම්පූර්ණ කරමින් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකර තිබෙන මූලස්ථාන ගොඩනැඟිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 120කි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තිස් වසරක ත්‍රස්තවාදයට එරෙහි සටන් බිමේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ එක්ව සිවිල් ආරක්ෂක බළකාය ද ඉටු කළ ඓතිහාසික කාර්යභාරය කිසිදා ඉතිහාසයෙන් මැකී නොයන බවයි.
    එම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුවක් අනුව සිවිල් ආරක්ෂක සේවාව වශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කළ බව ද පැවසීය.

    අද දින ද ඉල්ලීමක් 09 ක් සහිත යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතුවලට අදාළ එම ඉල්ලීම් හැකි උපරිමයෙන් ඉටුකර දීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    සමරු ඵලකය නිරාවරණය කර මුලස්ථාන ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    වයස අවුරුදු 60 සම්පූර්ණ වී 2015-04-23 වන දිනට පෙර සේවයෙන් ඉවත් වූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් වෙත දීමනාවක් ලබාදීම සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත එම දීමනාව ප්‍රදානය කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එමෙන්ම 2015-04-23 වන දින සේවය ස්ථීර වීමෙන් පසුව මිය ගිය සාමාජිකයන්ගේ කලත්‍රයන් වෙත වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ලබාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මුලස්ථාන ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල සිට කැපවීමෙන් කටයුතු කළ සාමාජිකයන් ද ඇගැයීමට ලක් කෙරිණි.
    ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය ආචාර්ය කොටුගොඩ ධම්මාවාස යන නායක ස්වාමින් වහන්සේලා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න, ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ද ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානිහු ද සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතු`ථ නිලධාරිහු මීට එක්ව සිටියහ.

    මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා භූමිය ලබාදුන් මෝල්පේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය පදලංගල සමිත නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

    සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව ධාතු මන්දිරය සහ දාන ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya