අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක්

    ජූනි 04, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ආබාධිත වූ දරු දැරියන් හා දෙමාපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    විශේෂ පුවත් නිවේදනය

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ආබාධිත වූ දරු දැරියන් හා දෙමාපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

    ළමා අරමුදල රුපියල් මිලියන 500 කින් සමන්විත වන අතර, රුපියල් මිලියන සියයක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මිලියන 400 ආධාරයන් ලෙස ද ඊට එක් කෙරෙනු ඇත. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


    ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් (04) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙන අතර, මේ කාර්යයන් අධීක්‍ෂණය හා ක්‍රියාත්මක කරලීම උදෙසා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කෙරෙනු ඇත.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී ඇති අතර එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී තිබේ. තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු පිළිබඳ වෛද්‍ය වාර්තා දැනට ලැබී ඇති අතර ඒ සියළු දෙනා වෙනුවෙන් වන්දි ලබා දී ඇත. ඉතිරි වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගෙන ඇත.

    මීට අමතරව විනාශයට පත් දේවස්ථාන යළි පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් ද රජය විසින් ලබා දී තිබේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල පුළුල් කරලීම උදෙසා වරාය අධිකාරියට අයත් පර්චස් 9 ක ඉඩම් ප්‍රමාණයක් ද ලබා දී ඇත. වින්දිතයන්ට වන්දි සහ සහන සැපයීම උදෙසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල් ම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ අප්‍රේල් 22 වන දා ය. ඊට අප්‍රේල් 25 වන දා කැබිනට් අනුමැතිය ලැබිණි.

    පසුව ඇතිවූ කලබලකාරී තත්වයන් නිසා හානියට පත් මුස්ලිම් දේවස්ථාන පිළිසකර කිරීමටත්, වින්දිතයන්ට සහන සැලසීමටත් අනුමැතිය පතමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මැයි 23 වන දා අනුමැතිය ලැබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya