අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් යන ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

    ජූනි 02, 2019

    කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජුනි 3 වන දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දි ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සඳහා යන ශ්‍රමිකයින් සඳහා අනිවාර්ය වේ. සේවකයා බදවාගනු ලබන එරට හාම්පුතා විසින් රක්ෂණ සමාගම විසින් මෙම රක්ෂණාවරණය ලබාගත යුතුය.

    මෙමඟින් කුවේට් රටේදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයාට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

    ශ්‍රමිකයින් රැකියාව සඳහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර, විදේශ රැකියාවට පෙර ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමඟ මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්යය වේ.

    මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියලුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya