අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට උපදෙස් - ඇමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

    මැයි 27, 2019

    රෝහල්වල ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාම පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැතිවිනි.

    හිඟයක්ව පැවැති ඇතැම් ඖෂධ තවමත් රෝහල්වලට සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දේශපාලන අර්බුදය සමයේ ක්‍රියාත්මක නොවීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    පැවැති දේශපාලන අර්බුදය සමයේ කිසිදු ටෙන්ඩරයක් ක්‍රියාත්මක නොවූ බවත්, ඖෂධ ආනයනය කිරිමක් සිදු නොවූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දැනට පවතින සුළු ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    තවද අත්‍යාවශ්‍යව පැවැති ඇතැම් ඖෂධ ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙනඒමට ද පියවර ගැනුනි. තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ සමාගම් වල වෙළෙද නියෝජිතභාවය ලබාගෙන ඖෂධ අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    මෙම අවස්ථාවට වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.කේ හේරත්, අධ්‍යක්ෂ තුසිත සුදර්ශණ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා ඇතුලු නිලධාරීන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා ඇතුලු නිලධාරින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya