අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 26 ක්

    මැයි 25, 2019

    ඓතිහාසික දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 26 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ. එයින් රුපියල් මිලියන 15 ක් වැය කරමින් මේ වන විට සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින අතර තවත් රුපියල් මිලියන 11 ක් වැය කරමින් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත ය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

    මෙම තොරතුරු අනාවරණය වූයේ දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය හා දෙවිනුවර රාජමහා විහාරස්ථානය පිහිටි දෙවිනුවර පූජා භූමිය හා සම්බන්ධ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පත්කර තිබෙන දෙවිනුවර පූජාභූමි සංවර්ධන සමාලෝචන කමිටු රැස්වීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් (22) දින මාතර දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා කාමරයේ දී පැවැති අවස්ථාවේ දී ය.

    මෙහි දී දෙවිනුවර පූජාභූමියේ ඉදිකිරීම් කටයුතු හා නඩත්තු කටයුතු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

    මේ අවස්ථාවට දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් රංජිත් යාපා මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, දෙවිනුවර ප්‍රාදේශිය සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීන් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධ කටයුතු අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya