අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

    මැයි 18, 2019

    වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම සිදු විය.

    සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය වෙසක් පොහොය යෙදී ඇති අද(18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ දී සිදු විය.

    සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 762කට මෙලෙස නිදහස හිමි වන අතර සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26ක් ඒ අතර වේ.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙලෙස සිරකරුවන් සඳහා ජනපති පොදු සමාව ලබාදීමට නියමිත අතර බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya