අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාරක්ෂිත වූ රටක ආරක්ෂිත පවුර වූයේ රණවිරුවන්- මධ්‍යම පළාත් ආණ්ඩුකාර

    මැයි 15, 2019

    මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටු දෙකට ලඝු කර, තමන්ගේ නොපෙනෙන අනාගත සිහින ආත්මයේ සුඛිතවත් බව උදෙසා, අන්‍ය ජිවිත විනාශ කිරීමට තරම් උන්මත්තකයින් බහුල ලෝකයක රණවිරුවා අමරණීය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර
    මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

    රණවිරුවා තම ජීවිතය පරිත්‍යාග කරන ලද්දේ අනෙකාගේ ජීවිතය රැකදීමට බැවින් එම ජීවිත පූජාව උත්තම බවත්, එම ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය හේතුවෙන් සෑම රණවිරුවෙකුටම ස්වර්ගයේ දොරටු නිසැකවම විවර වනු ඒකාන්ත බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

    ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ අද (14) මහනුවර මයිලපිටිය රණවිරු සැමරුම් උද්‍යානයේදී පැවති මධ්‍යම පළාත් රණවිරු සැමරුම් වැඩසටහනට එක් වෙමිනි.

    මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ ආණ්ඩුකාරවරයා තිස් වසරක කුරිරු යුද්ධයේ අසීමිත විනාශයන් හමුවේ, දෙස් විදෙස් කුමන්ත්‍රන පවතිද්දී, හවුහරණක් නොමැතිව සිටි ශ්‍රී ලාංකීය ජනතාවට පුනර්ජීවනය ලබා දීමට හැකි වූයේ රණවිරුවන් නිසා බවත් පෙන්වා දෙන ලදී. එම නිසා අනාරක්ෂිත වූ ලංකාවේ ආරක්ෂිත පවුර රණවිරුවන් බව පැවසූ ආණ්ඩුකාරවරයා බියෙන් සලිත වූ ජාතියකට රැකවරණය ලබා දුන්නේද රණවිරුවන් බව ද පෙන්වා දෙන ලදී.

    මෙම රණවිරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ආරාධිත දේශනය පවත්වමින් සිටියදී අතිශය සංවේදී විය. මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන් සහභාගී විය.

    mayila

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya