මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව නොසන්සුන් තත්ත්වය පොලීසිය පාලනය කරයි- ජාතීන් අතර අසමඟිය ඇති කරන අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්- (Voice cut)

    මැයි 05, 2019

    ජාතීන් අතර අසමඟිය ඇති කරන අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලීස් නිලධාරීන්ට පොලිස් මූලස්ථනයෙන් උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මීගමුව ප්‍රදේශයේ අද(5) සවස ඇති වූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ බව පැවසීය.

    මෙම නොසන්සුන්තාවය පොලීසිය මදිහත්ව මැඬපැවැත්වීමට කටයුතු කළ බවත් තවදුරටත් තත්ත්වය මැඬපැවැත්වීමට හෙට පෙ.ව. 7.00 දක්වා මීගමුව පොලිස් බල ප්‍රදේශය තුළ පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති බව ද කීය.

    එමෙන් ම කටුනායක ගුවන්තොටුපල වෙත යන ගුවන් මඟීන්ට තම ගුවන් ටිකට් පත පෙන්වා ගුවන්තොටුපල වෙත ගමන් ක්ළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    මේ වනවිට මීගමුව ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වය පලනය කර තිබේ.

    VOICE CUT- twitter-  https://twitter.com/newsdotlk/status/1125075409081589762

                            FB- https://www.facebook.com/newslk/videos/631008274029231/UzpfSTI4MzAyNjA1ODM5MzEyMzoyNjUxMzQ5Nzc4MjI3Mzk0/

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya