අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර-අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

    මැයි 03, 2019

    රජයේ පාසල් දෙවන වාරය සදහා සදුදා (06) යළි විවෘත කිරීමට නියමිතය. ඒ සදහා සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. නිහාල් රණසිංහ මහතා රජයේ නිළ පුවත් වෙබ් අඩවියට පැවසීය.

    දෙවන පාසල් වාරය ආරම්භ කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා යවා ඇත.ඒ අනුව දෙමව්පියන් දැනුවත් කොට ඔවුන්ගේද  සහභාගීත්වයෙන් සෑම පාසලකම ආරක්ෂක කමිටු පිහිටුවා තිබේ.එයට අමතරව සෑම පාසලකම පාසල් කාලය  තුළ පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු යොදා ඇති බව ද ලේකම්වරයා කීය.

    සදුදා පාසල් වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් විදුහල්පතිවරුන් විසින් යොදා ඇති වැඩපිළිවෙලවල් පරික්ෂා කිරීම  සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (03) කොළඹ අවට  පාසල් කිහිපයකම සංචාරය කළහ. මේ අතර කතෝලික පාසල් හා පෞද්ගලික පාසල් විවෘත කිරීම නියමයක් නොමැතිව කල්දමා තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya