අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාධාවකින් තොරව විදුලිය සපයන බව විදුලිබල අමාත්‍යාංශය කියයි

    මැයි 02, 2019

    විදුලි බල ජලාශවල ජලධාරිතාව මේ වන විට 32% දක්වා ඉහළ නැග ඇති බැවින් බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුමට ලංකා විදුලිබල මණ්ඩලයට දැන් හැකියාව ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    අප්‍රේල් මාසයේ විදුලිය සදහා පැවති අධික ඉල්ලුම අඩුවී තිබේ.අප්‍රේල් මස 10 දා වන විට ගිගාවොට් පැය 47 ක ඉල්ලුමක් තිබූ නමුත් දැන් එය ගිගාවොට් පැය 43 දක්වා අඩුවී ඇතැයි ජයවර්ධන මහතා රජයේ නිළ පුවත් වෙබ් අඩවියට කීය.

    මේ අතර තුර්කියට අයත් පාවෙන විදුලිබලාගාර නැවකින් මෙගාවොට් 200 ක විදුලිය මිලට ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ පිළිබදව තාක්ෂණ කමිටුවක් මගින් අවශ්‍ය කටයුතු කර ගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya