අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා තුවාල වූ අය වෙනුවෙන් රජයෙන් වන්දි

    අප්‍රේල් 22, 2019

    පසුගිය ඉරිදා සිදු වු බෝම්බ ප්‍රහාරවලින් මියගිය අය සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    මිය ගිය අයගේ අවමඟුල් කටයුතු සඳහා එම මුදලින් රුපියල් ලක්ෂය බැගින් ප්‍රථමයෙන් ගෙවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ අද(22) බැයකි මාධ්‍ය හමුවේදී පැවසීය.

    මෙම සිද්ධි වලදී තුවාල ලැබූ අය සඳහා අය සඳහා එක් අයෙකුට වෙනුවෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා වන්දි වශයෙන් ගෙවිමට රජය තිරණය කොට ඇති බව ද ඒ මහතා කිය.

    එසේම හානියට පත් වු දේවස්ථාන පිළිසකර කිරිම ආරක්ෂක හමුදා සාමාජිකයින් මගින් සිදු කිරිමටත් ඒ සඳහා වැයවන මුදල් රජයෙන් වැය කරන කරනු ඇත. මෙයින් සංචාරක ව්‍යාපාරයට සිදුවි ඇති හානිය පිළිබඳව සොයා බලා ආධාර කිරිමට අමාතය මණ්ඩලය තිරණය කළ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

    මේ බොම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථිකයට සිදු වු හානිය සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් එරාන් වික්‍රමරත්න ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත. මුදල් අමාත්‍යාංශවල ලේකම්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
    කබිර් හෂිම්,රවුෆ් හකිම්, මනෝ ගනේෂන්,ජෝන් අමරතුංග,සහ අකිල විරාජ් කාරියවසම් යන ඇමැතිවරු ද මෙහිදි අදහස් දැක්වු අතර කැබිනට් ඇමතිවරු රාශියක් මෙම මාධ්‍ය හමුවට පැමිණි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya