අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය හැකියි- සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 22, 2019

    ඊයේ (21) උදෑසන දේවස්ථාන තුනක සහ හෝටල් කිහිපයක් සිදු වූ බෝම්බ පිපිරීම් වලින් අනතුරට පත් ජනතාව ඉතා ඉක්මනින් ජාතික රෝහල සහ අනෙකුත් රෝහල් වලට ඇතුළත් කල අතර ඒ අවස්ථාවේ සියළුම රෝහල් කාර්ය මණ්ඩලය ඉතා කාර්යක්ෂමව ප්‍රතිකාර කටයුතු සිදු කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සෙනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සියළුම කැබිනට් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (22) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    රුධිරය අවශ්‍ය ජනතාවට කිසිදු ප්‍රමාදයකින් තොරව රුධිරය ලබා දුන් බවත් ඒ සඳහා විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ගිලන් රථ ඇතුළු සියලුම සේවාවන් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දීමට හැකි වූ බවද සඳහන් කරන කළේ ය.
    ඉදිරියේදී ද එම ජනතාවට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග කිසිදු හිඟයකින් තොරව ලබා දිය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya