අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමනා ගමන කටයුතු සාමාන්‍ය තත්ත්වයට

    අප්‍රේල් 22, 2019

    ඊයේ (21) දින සිදු වූ පිපිරීම් සිදුවීම් හේතුවෙන් යම් ප්‍රමාණයකට අඩාල වූ ගමනා ගමන කටයුතු අද (22) පෙරවරු 10.00 වන විට සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකි වූ බව ප්‍රවාහන හා සිවිල් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍ය සේවා ප්‍රාදේශික 12ට අයත් ඩිපෝ 107 ම සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කර ඇති අතර දුර ගමන් සේවා හා කෙටි ගමන් සේවා යථා තත්ත්වයට පත් වෙමින් පත්ව ඇත.

    එසේම දුම්රිය 25ක් පමණ මේ වන විට ධාවනය කිරීම ආරම්භ කර ඇති අතර අද (22) සවස් වන විට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැකි බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ටී.එල්. වික්‍රමරත්න මහතා පැවසීය.

    තවද ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස දුම්රිය සහ බස් රථවල පාර්සල් රැගෙන යාම සීමාකර ඇති බැවින් ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

     

    මගී ජනතාවගේ අවශ්‍යතාව මත බස්නාහිර පළාතේ සෑම මාර්ගයකම බස් රථ යෙදවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. හෙට දිනයේ සිට සියලුම මාර්ගවල අඩුපාඩුවක් නොමැතිව අදාළ බස් රථ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනී. ඒ අනුව විශේෂයෙන්ම බස් නැවතුම්පොළවල්වල ආරක්ෂාව සඳහාත් සෑම අවස්ථාවකදීම සොද්සියෙන් කටයුතු සිදු කරනු ලබන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya