අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ජනතාව වගකීමෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්න- ආරක්ෂක ලේකම්

    අප්‍රේල් 21, 2019

    රටවාසී සියලුම ජනතාව මේ අවස්ථාවේදී ඉතාම වගකීමෙන් හා ඉවසීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවත් මිලේච්ඡ ප්‍රහාරයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (21) විශේෂ  මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසී ය.

    අද පෙරවරුවේ අගනුවර සහ පිට පළාත් කිහිපයක සිදු වූ අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ජීවිත හානි පිළිබඳව රජයේ බලබත් කණගාටුව මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඒ වගේම මේ පිපිරීම හේතුවෙන් තුවාල ලැබූ සියලුම පුද්ගලයන් මේ වන විට රෝහල් ගත කොට ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ද දන්වා සිටීමට කැමතියි.

    රටවාසී සියලුම ජනතාව මේ අවස්ථාවේදී ඉතාම වගකීමෙන් හා ඉවසීමෙන් කටයුතු කරන මෙන් අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා හා රජය වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා.

    මේ මිලේච්ඡ ප්‍රහාරයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බැවින් නොයෙකුත් කටකතාවලට හා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන මෙන් මා රජය වෙනුවෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya