අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද රෝහල්වලට අවශ්‍ය ඖෂධ, ශ්‍රී ලංකා අයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ලබාගැනීමේ තීරණයක්

    අප්‍රේල් 20, 2019

    ආයුර්වේද රෝහල්වලට අවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකා අයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ලබාගැනීමේ වැඩපිළිවෙල තවත් විධිමත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරණතුංග මහතාට උපදෙස් ලබාදෙන ලදි.

    ඒ ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍ය සංගම් පහක නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දීය.

    මෙහිදී වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව සදහා අදාල හිමිකම් ලබාගැනීම පිළිබදවරැකියාලාභී උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් සදහා රැකියා ලබාගැනීම ආදි වෘත්තීය ගැටලු රැසක් පිළිබදව සාකච්ඡා කෙරුනි. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් විධිමත් අයුරින් සිදු කිරිම පිළිබදව ද සාකච්ඡා කරන ලදි. දැනට ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 600 ක් පමණ සිටින බව වෘත්තීය සමිති පෙන්වා දුන්හ. ඒ පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ 2015 වසරේ රජය බලයට පත් වූ පසු ආයුර්වේද උපාධිධාරින් 900 කට රැකියා ලබාදීම සදහා කැබිනට් අනුමැතිය ලබාගත් බවයි. ඉන් පසු 634 කට පත්වීම් ලබාදුන් බවත්, රෝහල්වල පවතින පුරප්පාඩු පිළිබදව සොයාබලා ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච් තිළකරත්නආයුර්වේද කොමසාරිස් චතුර කුමාරණතුංග යන මහත්වරුන් ඇතුලු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ආයුර්වේද වෛද්‍යවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya