අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි බක්මහ උළෙල අප්‍රේල් 20 වනදා අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රිඩාංගණයේදී

    අප්‍රේල් 19, 2019

    සමෘද්ධි බක්මහ උළෙල අප්‍රේල් මස 20 වන දා පෙ.ව. 7.00 සිට රාත්‍රී 10.00 දක්වා අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සියලුම ජන ක්‍රීඩා වලින් සමන්විත වන මෙම සමෘද්ධි බක්මහ උළෙලට සමගාමීව දිවයින පුරා පිහිටුවා ඇති සමෘද්ධි බැංකු 1074 ක අප්‍රේල් මස 21 වන ඉරු දින මුළු දිවයිනම ආවරණය වන පරිදි ජාතික බක්මහ උළෙලවල් පැවැත්වීමට කටයුතු යොදා තිබීම මෙහි විශේෂත්වයකි.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් මත මෙම ජාතික අවුරුදු අසිරිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, සමෘද්ධි ප්‍රතිලාභීන්ට මෙන්ම ප්‍රදේශයේ ජීවත්වන සිංහල, දමිළ ඕනෑම ජාතියකට මෙම ජාතික ක්‍රීඩාවන් සඳහා සහභාගී විය හැකිය.

    අප්‍රේල් මස 20 වනදා අම්පාර එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya