අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්.. ලංගම බස්රථ 1500ක්... පෞද්ගලික බස්රථ 600ක්

    අප්‍රේල් 14, 2019

    සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි.

    ඒ යටතේ හෙට සිට අතිරේක දුම්රිය සේවා ගමන්වාර 65ක් සහ ලංගම බස්රථ 1500ක් සහ පෞද්ගලික බස්රථ 600ක් ධාවනයට සූදානම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    මේ පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා;

    “මේ මස දහවැනිදා සිට එනම් හෙට දින සිට අලුත්අවුරුද්ද වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා ගමන්වාර යොදවා තියෙනවා. එය 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දින දොළක් මෙම සේවාව ක්‍රියාත්මක කරනවා. මේ දින 12දී අමතර දුම්රිය සේවා ගමන් වාර 65 ක් යොදවා තිබෙනවා. එම අතිරේක දුම්රිය සේවා ගමන්වාර කොළඹ කොටුව - බදුල්ල, කොළඹ කොටුව - කළුතර, කොළඹ කොටුව - ගාල්ල, කොළඹ කොටුව - මාතර, කොළඹ කොටුව යාපනය, කොළඹ කොටුව - කුරුණෑගල දක්වා මූලිකවම යොදවා තිබෙනවා. කොළඹ වව්නියාව දක්වා ධාවනය වුණු නගරාන්ත දුම්රියද යාපනය දක්වා දික් කර තිබෙනවා. ඊට අමතරව නගර සේවා දුම්රිය ගමන්වාරද මේ වැඩපිළිවෙල යටතේ වැඩි කර තිබෙනවා. ඒ වගේම අවුරුද්ද සේවාව යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අතිරේක බස්රථ 1500ක් යොදාවා තිබෙනවා. ඊට අමතරව කාල සටහන් මත බස්රථ 1350ක් සූදානම් කර තිබෙනවා. පළාත්බදව ගත්විට සාමාන්‍යයෙන් දවසකට ධාවනය කළ යුතු බස්රථ සංඛ්‍යාව 6000ක්. නමුත් විවිධ කරුණු මත ධාවනය කිරීමට හැකි වන්නේ බස්රථ 5400ක් පමණයි. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් උපරිම බස්රථ සංඛ්‍යාවක් ධාවනය කිරීමට මේ වන විට කාර්ය චක්‍ර නිවාඩුව අවලංගු කර තිබෙනවා.

    මීට පෙර වසරවලදී අවුරුදු සේවා ප්‍රමුඛව ක්‍රියාත්මක වූයේ කොළඹ ප්‍රධාන බස්රථ නැවතුම් පොළේ සිට. නමුත් මේ වසරේදී අපි මාකුඹුර සහ මහරගම යන බස්නැවතුම් පොළවලට සිටි වැඩි වශයෙන් දුරගමන් සේවා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ නිසා කොළඹට දුරින් සිටින අයට තම ගම්බිම්බලා යාමට ප්‍රධාන බස්නැවතුම් පොළට පැමි‍ණීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එයින් කොළඹ ප්‍රධාන බස්නැවතුම් පොළේ තදබදය අවම කර ගැනීමටත් අපට හැකි වෙනවා.

    පෞද්ගලික බස්රථ ගත් විට ජාතික ගමනාගමන කොමිසම් සභාවේ මෙහෙයවීමෙන් බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් දෛනිකව ධාවන වන ගමන්වාර ප්‍රමාණය 2200 සිට 2800 දක්වා වැඩි කර තිබෙනවා. ඒ කියන්නේ අතිරේකව බස්රථ ගමන්වාර ප්‍රමාණය 600කින් වැඩි කර තිබෙනවා. ඒ කෙසේවුවත් දෛනික අවශ්‍යතාව මත තව බස්රථ අවශ්‍ය වුවහොත් ඒ සදහාත් බස්රථ යෙදවීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම දෛනික කාල සටහන් අත්හිටුවා බස් රථ යෙදවීමට අපේක්ෂා කරනවා. නිවාඩු බස්රථත් ධාවනයට යොදනවා. අවශ්‍ය වුවහොත් කෙටි දුර ධාවනය වන බස්රථවලට තම ගමන්වාරය අවසන් කිරීමෙන් පසුව අමතරව ගමන්වාර ලබා දීමටත් අපි කටයුතු කරනවා.

     

    මෙහිදී විශේෂයෙන්ම යමක් කිව යුතු වනවා. එනම් අමතරව යොදවන බස්රථවලට ආපසු ගමන්වාර ලබා දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අතිරේක ගමන්වාරවල යොදන බස්රථ අර්ධ සුඛෝපභෝගී ගාස්තු යටතේ යෙදවීමට අපි කටයුතු කර තිබෙනවා. අවුරුදු සේවා ක්‍රියාත්මක කිරීමේදී අපට නිතරම ලැබෙන පැමි‍ණිල්ල වන්නේ වැඩිපුර ගාස්තු අය කිරීම. ඒ නිසා වැඩිපුර මුදල් ගැනීම වැළැක්වීමට අපි විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. ඒ යටතේ බස්රථය පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. ඒ වගේම බස්රථය තුළ ගාස්තු සටහන් කිරීමටත් ජංගම පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටත් කටයුතු යොදා තිබෙනවා. කිසියම් හෝ ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන ලෙසත් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා....”යිද ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya