අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ මෝටර් රථ පරීක්ෂා කිරීම සදහා තැන්නේකුඹුර ගුරුදෙණියේ භූමිය වැඩිකොට සංවර්ධනය කිරීමට පියවර

    අප්‍රේල් 13, 2019

    මහනුවර දිස්ත්‍රික්කයේ මෝටර් රථ පරීක්ෂා කිරීම සදහා දැනට ප්‍රයෝජනයට ගන්නා තැන්නේකුඹුර ගුරුදෙණියේ භූමි භාගයේ පහසුකම් වැඩි කොට සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි මහවැලි අධිකාරියට අයත් භූමියක් මේ සදහා ලබා ගෙන ඇති අතර, පසුගිය දා එහි වැඩ ආරම්භ කරන ලදී.

    මහනුවර දිස්ත්‍රික්කයේ මෝටර් රථ පරීක්ෂා කිරීම සදහා මේවනතුරුත් යොදා ගන්නේ තැන්නේකුඹුර ගුරුදෙණිය මාර්ගය දෙපස භූමි භාගයයි. එම නිසා ඇතැම් අවස්ථාවල මහා මාර්ගයද අවහිර වන අතර, මෝටර් රථ පරීක්ෂා කිරීමේ කාර්යයටද බාධා පැමිණේ.

    එම නිසා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මහවැලි අධිකාරියෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ඉඩම ලබාදීමට ඔවුන් එකග වී ඇති අතර, මෙම භූමි භාගය සංවර්ධනය කිරීමේ කාර්යභාරය රියදුරු පාසල් හිමියන් විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ.

    මෙම අවස්ථාව සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජේ.ඩී.එස්.ඒ. සදරාජ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya