අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 12, 2019

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම ලොව මහාද්වීප හතරකල රටවල් විසිහතරකල ජාතික වැඩසටහන් විසිහතරක් එක් කර සජීවී 24-පැය ගෝලීය විකාශන වැඩසටහනක් ලෙස පැවැත්විණි. පෙ.ව 10.30 සිට 11.30 දක්වා ශ්‍රි ලංකාව එම වැඩසටහන සමග එක් වූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ සුබපැතුම් පණිවිඩයක් එහි දි විකාශය කෙරිණි.

    සුවහසක් ශ්‍රී ලංකේය වැඩකරන ජනතාවල සේව්‍ය ප්‍රජාව හා කම්කරු ක්ෂේත්‍රයට අදාළ සමාජ කොටස්කරුවන්ල පාර්ශ්වයන් හා අත්වැල් බැඳගනිමින් පැවැති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුමට සුභාශීංසන එක් කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබදව ජාත්‍යන්තරය තුළ සටන්කාමී විරෝදාර පිරිස් සමග බැඳුණු ජාත්‍යන්තර කම්කරු සංවිධානය මූලික ලෙස ම ගෙවී ගිය සියවසක කාලසීමාවේ දී මුළුමහත් ලෝකවාසී වැඩකරන ජනතාවට පුළුල් වූ කාර්යයන් රාශියක් සහ යුතුකම් හා වගකීම් රැසක් ඉටුකර තිබෙන බවයි.

    එහි දී ප්‍රධාන ලෙසම කාර්මික සාමය ඇති කිරීම සදහා ගත් පියවර ඉතාමත් ප්‍රශංසනීය බව ජනාධිපතිතුමා සදහන් කළේය. ශ්‍රී ලංකාවේ දරුවන් පිළිබදව ප්‍රශ්නයේ දී අන්තර්ජාතික ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කළ ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව පිළිබදව සිදු කළ පර්යේෂණාත්මක ප්‍රකාශනය කම්කරු සහ වෘත්තීය සමිති අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    එමෙන්ම 2017 නොවැම්බර් මාසයේ දී බූවනෝස් අයර්ස් නගරයේ පැවති ළමා ශ්‍රමය තිරසර ලෙස පිටුදැකීම පිළිබද 14 වන ජාත්‍යන්තර සමුළුවේ දී ඇතිකරගත් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අනුගත වූ බවට ප්‍රකාශය මෙහිදී ජනාධිපතිතුමා අතින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිත Simrin Singh මහත්මිය මහත්මිය වෙත පිළිගැන්විණි.

    කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍යාංශයේ ලේකම් ආර්ගපීගආර්ග රාජපක්ෂ මහතා ඇතුළු නිලධරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya