අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදාවන්ට මුහුණ දීම සඳහා රුපියල් මිලියන 350ක උපකරණ බෙදා දෙයි

    අප්‍රේල් 11, 2019

    ගංවතුර, ලැව් ගිනි,නාය යෑම් ආදී හදිසි ආපදා තත්ත්වයන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රුපියල් මිලියන 350ක් වටිනා රබර් බෝට්ටු, ජීවිතාරක්ෂක කබා, දියේ ගිලෙන අය බේරා ගැනීම සඳහා වන කඹ, ශබ්ද වාහිනී උපකරණ නොයෙක් යුධ,ගුවන්, නාවික හමුදා හා පොලීසි වෙත බෙදා දීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඊයේ (10) සිදු කෙරිණ.

    මේ නිමිත්තෙන් කොළඹ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා හදිසි ආපදාවකදී පෙර සූදානමින් සිටීම සඳහා දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි මෙම උපකරණ බෙදා දෙන බවත් ඒ සඳහා 2019 අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් කීය.

    පසුගිය මාස තුනක කාලය තුළ රටේ විවිධ ප්‍රදේශවලින් කැලෑ ගිනි ගැනීම් 50ක් වාර්තා වී තිබෙනවා. මේවා වැළැක්වීමට ප්‍රදේශවාසීන් දායක විය යුතුයි. සමහරු කල්පනා කරන්නේ මේ කටයුත්ත පොලීසියට, හමුදාවට සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට අයිති වැඩ කියලයි. මහජනතාව මෙවැනි අවස්ථාවල සංවේදීව කටයුතු කළ යුතුයි.

    නිවැරදි කාළගුණ අනාවැකි ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ජපානයේ ජයිකා (JICA) ආයතනයේ ආධාර ඇතිව කාළගුණ දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබා දීමට පියවර ගන්නා බවද ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya