අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''හදවත් යා කෙරෙන රන් මාවත්'' - වඩාත් සැළසුම් සහගත,විද්‍යාත්මක ක්‍රමවේදයකට ඉදිරියේදී මාර්ග සංවර්ධනය කරනවා

    අප්‍රේල් 09, 2019

    අයවැය යෝජනා මගින් රු.කෝටි 2000කට අධික ප්‍රතිපාදන මාර්ග සංවර්ධනය සඳහා ලැබුණ බවත්, මහා මාර්ග අමාත්‍යංශය , මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව වඩාත් සැළසුම් සහගත සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබීර් හෂිම් මහතා පවසයි

    මේ වසරේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන හදවත් යා කෙරෙන රන් මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අද (09) මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

     දැනට ජාතික මාර්ග පද්ධතිය තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම මඟින් මාර්ගයේ ජනතාවට ගතකිරීමට සිදු වන කාලය අවම කිරීමටත්, එම ඟින් අපතේ යන ඉන්ධන පිරිවැය, විනාශ වන ජාතික ධනය අවම කිරීමත් සිදු වන පරිසර හානිය අවම කිරීම සහ නිෂ්පාදන ඵලදායිතාවය ඉහළ නැංවීමටත් මෙම වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී ආගමික ස්ථානවල ප්‍රවේශ මාර්ග සකස් කිරීම සඳහා, වතුකරයේ මාර්ග සංවර්ධනය සඳහා මෙන්ම උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනය සඳහාද මුදල් වෙන් කෙරේ.

    අධිවේගී මාර්ග සහ අනෙකුත් මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් ඉඩම් අහිමි වූ අයට මේ වන විට රුපියල් කෝටි 5500ක මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයිද ඉන් රුපියල් කෝටි 3500ක්ම ගෙවුවේ 2015 වසරට පෙර ඉඩම් අත්පත් කර ගත් පුද්ගලයන් සඳහා බවත් ඇමතිවරයා තවදුරටත් කීය.

    මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් යන අමාත්‍යවරුද අදහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya