අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දක්වා කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය   ධාවනය කරයි

    අප්‍රේල් 02, 2019

    මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා වූ අවසන් පරීක්ෂණ දුම්රිය ඊයේ (31) දින ධාවනය කෙරිණි.

    මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකිනි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුරකින්  යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා ද, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින්  යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද වේ. මෙයින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි. චීන එක්සිම් බැංකුව (China Excem Bank) මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයයි. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ  ප්‍රධාන උපදේශණය යටතේ එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරේ. 

    ඉදිකිරිම් කටයුතු භාර ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කෝර්පරේටිව් සමාගමයි. (China machinery Import Export Cooperative) උප කොන්ත්‍රාත්කරු ලෙස චයිනා රේල්වේ සර්විසස් සමාගම(China Railway Services Company)  කටයුතු කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිත පිරිසක් ඊට එක් වී සිටියහ. මාතර සිට බෙලිඅත්ත දක්වා වන කිලෝමීටර් 26ක කොටස ලබන අප්‍රේල් මස 8වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya