අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීමට කටයුතු කරනවා- ජනපති

    මාර්තු 29, 2019

    දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා පවසයි.

    පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට   (28) පස්වරුවේ එක්වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරත් සඳහන් කළේ තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගෙවීගිය මාස කිහිපය තුළ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබූ වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බවයි.

    රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පමණක් නොව පරිසර සංරක්ෂණය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයේ දී සහ පොදු මහජන සුබසාධන සේවාවන්වල දී ද පොලිසිය ඉටුකරන සේවය මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.
    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
    පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත් විජයමුනි සොයිසා, අවිස්සාවේල්ල එජාප සංවිධායක ලෙනාඞ් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    මේ අතර, තම තැන්පත් මුදල් ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉල්ලීම්වලට සාවධානව ඇහුම්කන් දුන්නේය.

    කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමට ජනාධිපතිතුමාගේ පැමිණිම සැලවීමත් සමග මෙම පිරිස එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් තම ඉල්ලීම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya