අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද කාන්තාවන් දැනුවත් කිරීමට ප්‍රදර්ශනයක් සහ වැඩමුළුවක් මහනුවරදී

    මාර්තු 29, 2019

    ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු මාසය ඉලක්ක කරගෙන විශේෂ ප්‍රදර්ශනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු යොදා තිබේ.

     අද .29 සහ හෙට 30 යන දෙදින පුරා මහනුවර එඩ්මන් ද සිල්වා ක්‍රීඩාංගනයේදී මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතා ඇතුළු මධ්‍යම පළාත් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

    ජාත්‍යන්තර වශයෙන් ගොඩනගා ගෙන ඇති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබදව දිවයිනේ කාන්තා නායිකාවන් දැනුවත් කිරීමත් එම දේශීය ඉලක්ක ලගා කර ගැනීමේදී කාන්තා දායකත්වය පිළිබදවත් මෙහිදී දැනුවත් දැනුවත් කෙරෙනු ඇත. මීට අමතරව තිරසර සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමේදී කාන්තා දායකත්වය ලබාදෙන ආකාරය පිළිබදව දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක කාන්තා සංවිධාන වල ප්‍රදර්ශන කුටි රැසක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

    මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය කාන්තාවන් හා ළමුන් කේද්‍ර කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධානයකි. කාන්තාවන් සහ ගැහැණු ළමුන් සදහා රැකවරණ මධ්‍යස්ථාන, ප්‍රජා මූලික පුනරුත්තාපන සේවාවන් සහ ප්‍රජා කාන්තා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කාන්තාවන් බලගැන්වීම මෙම සංවිධානයේ පරමාර්ථයි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya