අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පුර ජනමාධ්‍ය වැඩමුළුව වීරවිල දී.

    මාර්තු 28, 2019

    තාරුණ්‍යයට නව අරුත එක් කරමින් යොවුන් පුර දෙවන දිනය අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සංවිධානය කරමින් මාධ්‍ය වැඩමුළුවක් පවත්වයි.

    වීරවිල යොවුන් පුර පරිශ්‍රයේදී යොවුන් පුර වැසියන් 1000ක් පමණ සහභාගී කර ගනිමින් මාධ්‍ය වැඩමුළුව පවත්වන අතර වත්මන් ජනමාධ්‍ය භාවිතය පිළිබඳ දැනුවත් කිරීම සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුමිත් තිලකරත්න මහතා විසින් සිදු කරන ලදි.

    නව මාධ්‍යකරණයෙහි වැදගත් සංධිස්ථානයක් වූ සිනමාව වර්තමානය වනවිට දියුණු තත්ත්වයක් ගන්නා බව සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන් මහතා පැවසීය. සිනමාවේ නව ප්‍රවණතා සහ සිනමාව සතු සමාජ විද්‍යාත්මක ප්‍රකාශනය පිලිබඳවද යොවුන් පුර වැසියන් දැනුවත් කිරීම අබේකෝන් මහතා විසින් තව දුරටත් සිදු කරන ලදි.

    මීට අමතරව වීඩියෝ කැමරාකරණය පිලිබඳව දැනුවත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වීඩියෝ කැමරා අංශ ප්‍රධානී කේ. වල්පොල මහතා විසින් සිදු කරයි.

    මෙම මාධ්‍ය වැඩමුළුවේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහකාර අධ්‍යක්ෂ එස්.මෝසස් මහතා විසින් රූපවාහිනී මාධ්‍ය වත්මන් භාවිතය පිලිබඳ දැනුවත් කරන අතර නිශ්චල චායාරූප සහ පුවත් වාර්තාකරණය පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිශ්චල චායාරූප අංශයේ ඡායාරූප ශිල්පිනී යමුනි රෂ්මිකා මහත්මිය විසින් සිදු කරනු ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya