ජූනි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට යෝජනාවක්

    මාර්තු 26, 2019

    හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියි.

    රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ නිලධාරීන් රාජකාරී සිදු කිරීමේ දී මුහුණ දී ඇති ගැටලුවලට විසදුම් ලබාගැනීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

    හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සදහා පළාත් සභා වල ද අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පළාත් සභා විසුරුවා හැර ඇති බැවින් පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබාදුන්නේය.

    හෙඳ හෙදියන්ගේ නිල ඇදුම් දීමනාව රුපියල් 15000 සිට රුපියල් 18000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට 1000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී තීරණය විය. 

    මෙම අවස්ථාවට හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්  සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් රාජ්‍ය සේවා එක්සත්
    ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya