අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමට පියවර

    මාර්තු 23, 2019

    කෙට්කාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව කෙටි කාලීන සැළැස්මක් යටතේ සෑම දිස්ත්‍රික්කයක් සදහාම එක් ඔසුසලක් බැගින් සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් සදහාම එක් ඔසුසලක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරිමට නියමිතය.

    ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මාතලේ දිස්ත්‍රික්කය සදහා වූ ඔසුසල මාතලේ නගරයේ දී ලබන 25 දින පෙරවරු 10.00 ට ද, දඹුල්ල නගරයේ නව ඔසුසල එදින පස්වරු 2.00 ට ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. ඉන් පසු කෑගල්ල, බදුල්ල, අම්බලන්ගොඩ, දර්ගා නගරය වැනි නගර වල ඔසුසල විවෘත කිරීමට සැළසුම් කර ඇත.

    වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. 2014 වර්ෂයේ දී රුපියල් මිලියන 741 ක් වූ ලාභය 2018 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 1719 ක් දක්වා වර්ධනය කරගෙන ඇත. දේශීය විවෘත වෙළෙදපොල තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වන ඖෂධ වල විකුණුම් ප්‍රමාණය 2014 වර්ෂයේ රුපියල් මිලියන 4865 ක් වූ අකර, 2018 වර්ෂය වන විට එය රුපියල් මිලියන 7458 දක්වා වර්ධනය කර ඇත. රජයේ රෝහල් සහ ආයතන සදහා ගෙන්වනු ලබන ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණය 2014 වර්ෂයේ රුපියල් මිලියන 17269 ක් වූ අතර, එය 2018 වර්ෂය වන විට රුපියල් මිලියන 32000 ක් දක්වා වර්ධනය කර ඇත. 2015 වර්ෂයෙන් පසු මේ දක්වා නව රැකියා අවස්ථා 298 ක් ලබා දී ඇති අතර, 2017 වසරේ දී
    සේවක වැටුප සියයට 50 කින් ද වැඩිකර ඇත.

    පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය සමග ඒකාබද්ධ වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන බව එම සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya