අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් අයගේ ප‍්‍රකාශයන් හේතුවෙන් අඩපණ වී තිබෙන මහනුවර උමං මාර්ගය හැකි ඉක්මනින් ඉදිකිරීමට බලාපොරොත්තුවෙනවා- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    මාර්තු 20, 2019

    ඇතැම් පුද්ගලයින්ගේ ප‍්‍රකාශයන් හේතුවෙන් අඩපණ වී තිබෙන මහනුවර උමං මාර්ගය හැකි ඉක්මනින් ඉදි කිරීමට බලාපොරොත්තුවන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

     එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මහනුවර නගරයේ තදබදය අවම කිරීමට සඳහා තැන්නේකුඹුරේ සිට සුදුහුම්පොළ දක්වා උමං මාර්ගය නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය හිමී වී තිබෙනවා. කොරියන් රජයෙන් ඒ සඳහා ආධාර වෙන් කිරීමටද සූදානමින් සිටිනවා.නමුත් ඇතැම් අය මෙම උමං මාර්ගය ඉදි කළහොත් දළඳා මාළිගව කඩා වැටෙයි හා මහනුවර වැවේ ජලය කාන්දුවෙයි යන ආකාරයේ පුහු තර්ක ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙහි වැඩකටයුතු නතර වී තිබෙනවා.ලෝකයේ බොහෝ නගරවල පොළොව යට තවත් නගරයක් පවතිනවා.දකුණු කොරියාව මෙම වැඩ සදහා දක්ෂ රටක්.ඉදිරි කාලයේ මේ හුඹස් බිය නැති වී මෙම බාධාවන් ඉවත් වී හැකි ඉක්මනින් මහනුවර උමං මාර්ගය නිර්මාණය කිරීමට හැකිවේවි යැයි සිතනවා යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya