අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ත්‍රිපිටකාභිවන්දනා” සතිය වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් වැඩසටහන් රැසක්

    මාර්තු 18, 2019

    සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් ක්‍රියාත්මක “ත්‍රිපිටකාභිවන්දනා” සතිය වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි බෞද්ධ සංවිධාන සමඟ එක් ව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    එහි පළමු වැඩසටහන (16) දින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධගයාවේ දී පැවැත්විණි.

    බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් ව සිටියහ.

    ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව සහ එහි වැදගත්කම පිළිබඳ මෙහිදී පැහැදිලි කිරීම් සිදු කෙරුණු අතර අනතුරුව දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි.

    උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත්කර සංරක්ෂණය කරවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් පියවර මෙහි දී සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ මෙන්ම සැදැහැවත් ජනතාවගේ ඇගැයීමට ලක් විය.

    මහබෝධි සංගමයේ ප්‍රධානී පූජ්‍ය සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya