අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් මහනුවර වැඩසටහන් රැසක්

    මාර්තු 16, 2019

    ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ ( 16 වැනි දින ආරම්භ කොට 23 දක්වා) මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩසහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ක පිණ්ඩපාත චාරිකා සංවිධානය කොට ඇති අතර, එහි ප්‍රධාන උත්සවය 2019.03.16 දින පූජාපිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගරුතර ස්වාමීන් වහන්සේ 50 නමකගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන එම පිණ්ඩපාත චාරිකාව පූජාපිටිය නගරයේ සිට උඩමුදුන ශ්‍රී පූර්වාරාමය දක්වා සිදු කිරීමට නියමිත ය. මීට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ථෙරවාදී ත්‍රිපිටකය පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් දහම් පාසල් ගුරු සිසුන් සහ දායක දායිකාවන් දැනුවත් කිරීමේ ශාස්ත්‍රිය දේශන රැසක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

    දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන්, ආශීර්වාද පූජා, බෝධි පූජා සහ මල්පූජා ඇතුළු ශබ්ද පූජා පැවැත්වීමේ ආගමික වැඩසටහන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රජයේ සහ පෞද්ගලික ආයතන මුල් කරගත් වැඩසටහන් රැසක් ද පැවැත්වීමට නියමිතය.

    මහනුවර දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන මෙම වැඩසටහන් අතර විශේෂිතම අංගයක් ලෙස හැදින්විය හැක්කේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පැවැත්වෙන පුස්කොළ පොත් සහිත ත්‍රිපිටකය අඩංගු පොත් ප්‍රදර්ශනයයි.එය ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථාන හයකදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

    ත්‍රිපිටකාභිවන්දන සතිය අවසන් කරමින් පැවැත්වෙන ප්‍රධාන උත්සවය 5000 නමක මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් යුතුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමහළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී ථෙරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලේඛනගත කිරීමට අදාල යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සදහා විදෙස් රටවල ස්වාමීන් වහන්සේලා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන්, බෞද්ධ රටවල තානාපතිවරු ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya