අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ

    මාර්තු 16, 2019

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛණගත කිරිමට අදාළ ජාතික වැඩසටහනට සමගාමීව 2019.03.16 සිට 2019.03.23 දින දක්වා ත්‍රිපිටකාභිවන්දානා සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

    ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 මූලික කරගෙන ක්‍රියාකාරී ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු පිහිටුවා ඇති අතර ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මෙහෙයවීමෙන් සියලූම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල 2019.03.16 සිට 23 දින දක්වා වැඩසටහන් සංවිධානය කෙරේ.

    ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. 2019.03.16 සිට 23 දින දක්වා ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ මාතර දිස්ත්‍රික්කය ම ආවරණය වන පරිදි බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීම හා බෞද්ධ සැරසිලි කිරීම සිදු කෙරේ.

    සතිය පුරාවට ම මාතර දිස්ත්‍රික්කයේ සෑම විහාරස්ථානයකම ප.ව.6.00 සිට 6.15 දක්වා ශබ්ද පූජාව පැවැත්වීම සිදු කෙරෙන අතර මෙහි ප්‍රධාන වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මාතර පොලීසියේ සම්බන්ධීකරණයෙන් මාතර ඓතිහාසික බෝධීන් වහනසේ කේන්ද්‍ර කර ගනිමින් පැවැතිවීමට නියමිත ය.

    2019.03.16 දින පෙරවරුවේ ප්‍රධාන පිණ්ඩපාත චාරිකා දෙකක් පැවැත්වෙන අතර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිහගොඩ ශාසනාරක්ෂක මණ්ඩලය හා තිහගොඩ පොලීසියේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව කපුදුව හංදියේ සිට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ද මාතර පොලිස් ස්ථානය මගින් සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාව මාතර මහා මන්තීන්ද පිරිනෙහි සිට මාතර බෝධිය දක්වා පැවැත්වේ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya