අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක ...

    මාර්තු 16, 2019
    කෙන්යාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ දහවල් කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ  (ICRAF)  නිරික්ෂණ චාරිකාවක නිරත විය. 
    එම මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Dr. Tony Simons   මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය. 
    කෘෂිකර්ම පර්යේෂණ පිළිබද ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කි්‍රයාකාරිත්වය පිළිබද හැදින්වීමක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කරන ලදී.
    ජනාධිපති ගරු මෛති්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංචාරය සනිටුහන් කරමින් කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන භූමියේ කොස් පැළයක් ද රෝපණය කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya