අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටපුරා සමෘද්ධියෙන් සුව බොජුන් හල් 350ක් නව රැකියා අවස්ථා දස දහසක්

    මාර්තු 15, 2019

    දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් 350ක් ආරම්භ කොට නව රැකියා අවස්ථා දස දහසක් ඇති කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ගාල්ල, බද්දේගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍රය ආශ්‍රිතව ඉදිකළ පළමු සුව බොජුන්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

    නිරෝගී දිවියක් ගත කිරීම වෙනුවෙන් වස විසෙන් තොර ආහාර පරිභෝජනයට ජනතාව නැඹුරු විය යුතු බවත් සුව බොජුන් හල් මඟින් අලෙවි කරනු ලබන ආහාර සෞඛ්‍ය සම්පන්න පිරිසිදු ආහාර ලෙසින් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.

    සමෘද්ධිලාභී කාන්තාවන් සවිබලගැන්වීම උදෙසා ක්‍රියාත්මක වැඩසටහන් අතර සුව බොජුන් හල් ව්‍යාපෘතිය වෙත ඉහළ ජනතා ප්‍රසාදයක් ලැබී ඇත. නව සමෘද්ධි ලාභීන් 06ක් වෙත සමෘද්ධි සහනාධාරය ලබාදීම වෙනුවෙන් මෙවර අය වැයෙන් ප්‍රතිපාදන වෙන්ව ඇති බව පැවසු අමාත්‍යවරයා අදියර 03 කින් කඩිනමින් නව සහනාධාරය ලබා දෙන බවද පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

    අඩු ආදායම් ලාභී පවුල් 10,000 ක් මේ වසර තුළදී සවිබල ගන්වන්න කටයුතු කර තිබෙනවා. දැනට සමෘද්ධි සහනාධාරය පවුල් ලක්ෂ 14 කට ආසන්න කාලයක් තිස්සේ සමෘද්ධි සහනාධාරය ලබනවා. ඔවුන් දුප්පත්කමෙන් ගොඩ ගන්න සමෘද්ධි ව්‍යාපාරය අපොහොසත් වී තිබෙනවා. එක්ව එකමුතුව ධෛර්යමත්ව සහ ක්‍රියාශ්‍රීලීව වැඩකොට දුප්පත් ජනතාව දිළිදු කමෙන් මුදවා ගැනීමට කටයුතු කළ යුතුයි. 

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ, සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ගාල්ල දිස‍්ත්‍රික් අධ්‍යක්ෂ දිස්නා සමන්මලී විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සමෘද්ධි ප්‍රතිලාභීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya