අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික විද්‍යාල පද්ධතිය නවීකරණය කරනවා -නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    මාර්තු 14, 2019

    කාර්මික විද්‍යාල පද්ධතිය නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.

     තරුණ පරපුර වෘත්තීය පුහුණුවට යොමු කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පැරණි යල්පැනගිය පාටමලා වෙනුවට ජාත්‍යන්තර  ප්‍රමිතියෙන් යුතු වැඩි ඉල්ලුමක් ඇති පාඨමලා හඳුන්වාදීමට ක්‍රියා කරන බව පැවසී ය.

    වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රටපුරා ඇති කරමින් පවති. එමෙන් ම සාගර විශ්වවිද්‍යාලය කෙරවළපිටියේ පිහිටුවීමට පියවර ගැනේ. ගුනාර්තමබවින් පිරි ආකර්ෂණීය ලේස පහසුකම් වැඩි ආයතන පද්ධතියක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.වෘත්තීය පුහුණුව ගැන මිත්‍යා මත ඇතිවෙලා. මූලික පරිගනක අධ්‍යාපනය පාසල්වල පවා ලබාදෙනවා. ඒ නිසා ඉදිරි කාලයේ දී මූලික පරිගනක දැනුම වෘත්තීය පුහුණු ආයතනවලින් අවශ්‍ය වෙන්නේ නෑ. අද අවශ්‍ය වෙන්නේ වෙනත් අංශ වෙත යොමු වෙන්න. හෝටල්,මෝටර් කාර්මික ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya