අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ලියාපදිංචිය 16 දා සිට එක් දිනකින්

    මාර්තු 14, 2019

    ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව 16 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයේදී ආරම්භ කිරීමට කටයුතු කරයි.

    එයට සමගාමීව ප්‍රාදේශීය කාර්යාල 45ක දීප ව්‍යාප්තව මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කරමින් පළාත් බද උත්සවද පැවැත්වේ.

    එහිදී ඉඩම් ලියාපදිංචි කිරීමේ එක් දින සේවය සහ නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ හා මරණ සහතික නිකුත් කිරීම 16 දා සිට ආරම්භ කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    මෙතෙක් පැවැති ක්‍රමය අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යයට දින ගණනක් ගතවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. එම නිසා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නූතන තාක්ෂණය අනුව නවීකරණය කර භාෂා ද්විත්වයෙන් යුතුව ජ්‍යාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව උප්පැන්න සහතික හා විවාහ සහතික නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අද (14) ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් තව දුරටත් ප්‍රකාශ කළේය.

    ඒ අනුව මාර්තු 16 වැනිදා සිට ඔප්පුවක් එක් දිනකින් ලියාපදිංචි කරවා ගැනීමට අවස්ථාව උදාවන අතර මෙතෙක් ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා වූ ප්‍රමාදයන් ඉදිරියේදී සිදු නොවේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya