අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකාභිවන්දනා සතියට සමඟාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ සටහන් රැසක්

    මාර්තු 14, 2019

    දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ත්‍රිපිටකාභි වන්දනා සතියට සමඟාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

    ඒ පිළිබඳව රාජ්‍ය නිළධාරීන් දැනුවත්  කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා  ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විනි. ත්‍රිපිටකාභි වන්දනා සතිය 20109.මාර්තු මස 16 සිට මාර්තු මස 23 වන දක්වා පැවැත්වේ. අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ත්‍රිපිටකය පසු ගිය දා මාතලේ අළුවිහාරයේදි ජාතික උරුමයක් බවට පත් කළ ථෙරවාදී බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලෝක උරුමයක් බවයට පත් කිරීම සඳහා අතිගරු ජනාධිපති තුමා ඇතුළු මහා සංඝරත්නය හා විද්වතුන් කටයුතු කරමින් පවති. එහි එක් පියවරක් ලෙස ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛන ගතකිරීමට අදාල ජාතික වැඩසටහනේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක වේ.

    මාර්තු 16 සිට 23 දක්වා සෑම දිනකම පස්වරු 6 සිය 6.15 දක්වා සියළු විහාරස්ථාන වල ශබ්ද පූජාවක් පැවැත්වීම සිදු කරයි. 16 වැනි දින පිණ්ඩපාත දානමය පිංකම්ද 17 වන දින දහම්පාසල් ගොඩනැගිලි ඉදි කිරීම ආරම්භ කිරීම හා දහම්පාසල් වල ත්‍රිපිටකය පිළිබඳව දැනුවත් කිරීම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමද 20 වනන දින විහාරස්ථාන වල දානමය පිංකම් හා පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන්ට ත්‍රිපිටකය පිළිබඳ ධර්ම දේශනා පැවැත්වීම ඇතුළු පිංකම් සිදු කරණු ලබයි. මෙයට අමතරව අනෙකුත් දිනවල ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු පිරිස එක්ව බුද්ධාලම්භන ප්‍රීතිය ඔප්නැන්වෙන පරිදි වැඩ සටහන් සංවිධානය කෙරේ.

     මෙම සතිය තුළ දිස්ත්‍රික්කයේ සියළුම  රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන , සෑම නිවසකම, රාජ්‍ය හා පුද්ගලික වාහන වලද බෞද්ධ කොඩිය ඔසවා තබන මෙන් දිස්ත්‍රික් ලේකම් තුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.මෙයට සමගාමීව තිස්සමහාරාම මැණික් රජ මහා විහාරයේදී ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් 18,19,20 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    මෙම විශේෂ රැස්වීම සඳහා තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි , නැදිගම්විල විල්පිට රජමහා විහාරාධිපති උයන්වත්තේ සද්ධාර්ම අනු නාහිමි ඇතුළු දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය නිවාස හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්ද කුමාර හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් සි.ඒ. සුනෙත් ලෝචන යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය ලේකම් වරු පොලිස් අධිකාරී හා සියලු පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී විය.

    DMU/Hambantota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya