අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දිරියට හෙටක්"  බස්නාහිර පළාත් ස්වයංරැකියා නියුක්තිකයින්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට පිළිගන්වයි ...

    පෙබරවාරි 26, 2019
    බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල විසිරි සිටින ස්වයංරැකියා නියුක්තිකයන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලූවකට විස`දුම් ලබාදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් අලෙවි කර ගැනීම ස`දහා උපකාරි වන්නා වූ අලෙවිකරණ සහ ප්‍රචාරණ යාන්ත්‍රණය හදුන්වාදෙන  "දිරියට හෙටක්"    ව්‍යාපෘතිය යටතේ සකස් කෙරුණු තොරතුරු හා දුරකථන නාමාවලිය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා වෙත පිළිගැන්වීම  (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය. 
    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ මගපෙන්වීම අනුව බස්නාහිර පළාත් ආර්ථීක ප්‍රවර්ධන කාර්යාංශය  "දිරියට හෙටක්"  ව්‍යාපෘතිය කි්‍රයාවට නංවා තිඛෙන අතර විවිධ වූ ස්වයං රැකියා නියුක්තිකයන් සහ සාමාන්‍ය පාරිභෝගිකයන් එකිනෙකට සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
     
     එමගින් ස්වයංරැකියා නියුක්තිකයන් හට වඩාත් පුළුල් වෙළෙදපොළක් විවෘත වන අතර සාමාන්‍ය පාරිභෝගික ජනතාවට තම පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් කඩිනමින් සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව සැලසේ.
    බස්නාහිර පළාතේ සියලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි සියලූ ග්‍රාම සේවා වසම් නියෝජනය වන පරිදි විවිධ ස්වයංරැකියාවන්හි නියුතු පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කොට තෝරා ගන්නා ලද ස්වයංරැකියා නියුක්තිකයන්ගේ තොරතුරු දුරකථන නාමාවලිය, වෙබ් අඩවියට ඇතුළත් කරනු ලැබ්. 
    මුද්‍රිත දුරකථන නාමාවලි 20,000ක ප්‍රමාණයක් බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංවිධාන හරහා ඛෙදාහැරිමට නියමිත අතර, වෙබ් තාක්ෂණය ඔස්සේ දුරකථන නාමාවලි පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතී. දුරකථන නාමාවලි පහසුකම ඉතා පහසුවෙන් ලබාගත හැකි වන පරිදි මේ සදහා විශේෂයෙන් සැකසූ මෘදුකාංග නොමිලේ ජංගම දුරකථන සදහා බා ගත කිරීම හා පරිශීලන පහසුකම සලසා තිබේ. දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවීම මගින් ස්වයංරැකියා නියුත්තිකයකු පිළිබද තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව භාවිත කරන්නාට සැලසේ.
    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය  මහතා විසින් නාමාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya