අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය කප්පාදු කිරීමට රජය කටයුතු කර නෑ- කෘෂිකර්ම අමාත්‍ය

    පෙබරවාරි 21, 2019

     පොහොර සහනාධාරය කප්පාදු කිරීමට රජය කටයුතු කර නොමැති බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර ජලජ සම්පත් ඇමති පී.හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ දී(21) ප්‍රකාශ කළේය.

    දැනට මෙම පොහොර මිටිය රුපියල් තුන්දහස් තුන්සියයක සහනාධාරයක් යටතේ රුපියල් පන්සියයට ලබාදෙන බවත් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට රජය කටයුතු කර නොමැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

    වත්මන් රජය විසින් පොහොර සහනාධාරය කප්පාදු කර ඇති බවට වැරදි මතවාදයක් සමාජ ගත කරන්නට ඇතැමුන් උත්සාහ කළද වත්මන් රජය කිසිසේත් පොහොර සහනාධාරය කප්පාදු කර නොමැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

    රුපියල් 38.00ට මිලදී ගන්නා නාඩු කිලෝවක් රුපියල් 80ක උපරිම සිල්ලර මිලට හා රුපියල් 41ට මිලදී ගන්නා සම්බා කිලෝව රුපියල් 85ක උපරිම සිල්ලර මිලට විකිණීමටත් ලබන අප්‍රේල් 01 දින සිට නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා කීය.

    ඇමති පී. හැරිසන් මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 27/2 යටතේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya