අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමිසමෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කෙටි චිත්‍රපට තරඟයක්

    පෙබරවාරි 21, 2019

    ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය හා සර්ව ජන ඡන්ද බලය පිළිබඳ ජනතාව තුළ අවබෝධය ඉහළ නැංවීම සඳහා කෙටි චිත්‍රපට තරගයක් හා “පෞර” නමින් කෙටි වාර්තා චිත්‍රපට උලෙළක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය හා කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශය හා එක්ව මෙම චිත්‍රපට උලෙළ සංවිධානය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සමාජ කතිකාවක් ඇරඹීමේ අරමුණින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ‍දේශප්‍රිය මහතා පැවසීය.

    පාසල් හා විවෘත යන අංශ දෙක යටතේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය වලින්‍ මෙම තරගය සඳහා කෙටි වාර්තා චිත්‍රපට ඉදිරිපත් කළ හැක.

    විනාඩි පහකට නොවැඩි ධාවන  කාලයකින් යුත් කෙටි චිත්‍රපට එච්.ඩී. ඩිජිටල් තාක්ෂණය භාවිත කොට නිපදවිය යුතු අතර තෝරා ගන්නා කෙටි චිත්‍රපට මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි වැඩසටහන් සඳහා භාවිත කිරීමට යොදා ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මෙම තරගයේදී  විවෘත අංශයේ ප්‍රථම ස්ථානයට මුදලින් රුපියල් 125,000 ක් ද දෙවන ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද තෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද ත්‍යාග වශයෙන් පිරිනැමේ.

    පාසල් අංශයේ ප්‍රථම ස්ථානයට රුපියල් 50,000ක් ද දෙවැනි ස්ථානයට රුපියල් 30,000ක් ද තෙවන ස්ථානයට රුපියල් 20,000ක් ද පිරිනැමෙන අතර තරගය සඳහා කෙටිචිත්‍රපට ඉදිරිපත් කරන දෑම තරගකරුවෙකුයම සහතිකයක් බැගින් පිරිනැමෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

    මෙම තරගය සඳහා කෙටිචිත්‍රපට භාරගන්නා අවසන් දිනය 2019 මැයි 15දා ය. සියලුම නිර්මාණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශය වෙත භාරදිය යුතුය.

    විද්වත් විනිශච මණ්ඩලයක් විසින් තෝරාගනු ලබන කෙටි වාර්තා විත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ උලෙළ, ඒවා පිළිබඳ විද්වත් කතිකාව සහ ත්‍යාග ප්‍රදානය 2019 ජුනි මස 8 වැනි දින පස්වරු 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

    මෙම මාධ්‍ය සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වන ජනාධිපති නීතීඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය වරුන්වන අරුණ ලොකුලියන හා දර්ශන සෝමරත්න සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරුණ අලහකෝන් යන මහත්වරු ද සහභාගීවූ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya