මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වර්ෂයේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අවධානය

    පෙබරවාරි 20, 2019

    2015 වර්ෂයේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මේ සම්බන්ධයෙන් වැටුප් කොමිෂම සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් පවතින බවද රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ අනුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya