අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවලට රුපියල් මිලියන 12ක මාධ්‍ය උපකරණ බෙදා දෙයි

    පෙබරවාරි 20, 2019

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවලට වීඩියෝ කැමරා, පරිගණක යන්න්‍ර, ලැප්ටොප් පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 12ක් පමණ වටිනා උපකරණ බෙදා දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පෙරවරුවේ සිදු කෙරුණි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය හා රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ මාධ්‍ය  අධ්‍යක්ෂ ජයන්ත පතිරණ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී එච්. ඒ. යූ. ජයලත් යන මහත්වරු හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) නිර්මලී ප්‍රියන්ගනී කුමාරගේ මෙනෙවිය ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ.

    මෙහිදී කතා කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා, මුදල් හා ජනමාධ්‍ය ඇමතිමංගල සමරවීර මහතා මීට පෙර ජනමාධ්‍ය ඇමතිව සිටියදී එතුමාගේ සංකල්පයක් අනුව 1999 වසරේදී දිස්ත්‍රික් ජනමාධ ඒකක පිහිටවනු ලැබුවේ ප්‍රාදේශීයව සිදුකෙරෙන සංවර්ධන කටයුතු ජනතාව අතරට ගෙනයාම සඳහා බව කීය. අද සමාජ මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය  වලට වඩා ඉදිරියට පැමිණ තිබේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ද ඩිජිටල් යුගයකට මුහුණ දීමට සිදුවී ඇත. ඒ සඳහා දිස්ත්‍රික් මාධ්‍ය  ඒකක ද සූදානම් කළ යුතුව තිබේ. අද මේ උපකරණ ලබා දෙන්නේ ඒ සඳහා බවද නාලක කළුවැව මහතා පැවසීය.

    හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, රජය විසින් ගම්පෙරළිය, ග්‍රාම ශක්ති, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කොට තිබෙනවා.  එම සංවර්ධන කටයුතු සිදුකරන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා ඒවායේ ප්‍රගතිය ගැන දැනගැනීමට මහජනතාවට අයිතියක් තිබෙනවා. එම සංවර්ධන කටයුතු ජනතාව අතරට රැගෙනයාම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල වගකීමක් බව කීය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධණ මහත්මිය රජයේ ප්‍රවෘත්ති නිලධාරීන් සඳහා උසස්වීම් ලබාදීමේ වැඩපිළිවෙලක් ඇති කිරීම ගැන අමාත්‍යාංශය සලකා බලාගෙන එන බව කීය.

    දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිළධාරීන් වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රවෘත්ති නිළධාරී තනුජ අබේසේකර මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ, අද වන විට දිස්ත්‍රික් මාධ්‍ය ඒකක දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට මෙන් ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නැතිව ම බැරි අංශයක් වී තිබෙන බවයි. මෙලෙස උපකරණ ලබාදෙමින් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පලකරන බවද පැවසී ය.

     

    di1

     

     

    di4

     

    di5

     

    di6

     

    di2

     

     

    di7

     

    ඡායාරූප -යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya