අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ගෙන්වන කිරිපිටි වරායේ දී දැඩි පරීක්ෂාවට ලක් කරන බව සෞඛ්‍ය බලධාරීහු කියති

    පෙබරවාරි 19, 2019

    ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම කිරි පිටි වර්ග සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් වරායේ දී දැඩි පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබේ.එම කිරිපිටි වෙළඳපොළට නිකුත් වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර දෙන්නේ එහි දී ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල බව තහවුරු වූ පසු ව යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර හා ආහාර සංරක්ෂණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි 

    එබැවින් මෙරටට ගෙන්වන කිරිපිටි වල මේදය හැර වෙනත් කිසිදු ද්‍රව්‍යයක් අඩංගු නොවන බව සහතික කළ හැකි බව ද ඒ මහතා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) පැවැති මාධ්‍ය හමුවකදීය . සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න ,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ .

    ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා ,කිරිපිටි ගැන විවිධ කට කතා පැතිර යන බවත් එහෙත් මේ රටේ දියර කිරි නිපදවන්නේ මේ රටේ අවශ්‍යතාවයෙන් සියයට දහයක් පමණක් බවත් ඉතිරි 90% ම සපයා ගන්නේ පිටරටින් ආනයනය කරන කිරි පිටි වලින් බවත් පැවසී ය .   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ දයානි යාපා මහත්මිය ,කිරිපිටි සඳ හා ප්‍රමිති ආයතනය විසින් එස් එල් එස් 731 දරණ ප්‍රමිතිය සකස් කොට ගැසට් කර තිබෙන බවත් එම ප්‍රමිතියට අනුකූල නොවන කිසිදු කිරි පිටි වර්ගයක් වෙළඳ පොළට නිකුත් කිරීමට නො දෙන බැවින් ලංකාවට ගෙන්වන සියලුම කිරි පිටි වර්ග ප්‍රමිතියට අනුකූල බව සහතික කළ හැකි බවද බව ද කීවා ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya