අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලබාදීම සහ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 17, 2019
    සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු  ලබාදීම සහ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක්   දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී පැවැත්ව්ණි.
     
    මීට අමතරව විහාරස්ථාන සදහා පූජාභූමි ඔප්පු ප්‍රදානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් සදහා ඉඩම් පැවරීමේ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    2018 මහවැලි ගොවි අභිෂේකයේ ත්‍යාග ප්‍රදානය මින් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    සමස්ත මහවැලි කලාපවල ගොවි ජනතාව අතර පවත්වන ලද තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් ගොවි මහතුන් 18 දෙනෙකු වෙත සම්මාන හා සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර 
     
    හොදම මහවැලි ගොවි සංවිධානය , හොදම වාරි පද්ධතිය යන අංශ කිහිපයක් ඔස්සේ ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදු විය. 
     
    මෙම වැඩසටහන හා සමගාමී ව සංවිධානය කර තිබූ ප්‍රදර්ශනය ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමති අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි  ශ්‍රියානි විෙජ්වික්‍රම, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුථ ප්‍රදේශයේ මැති ඇමතිවරු රැසක් ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතා ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya