අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර ක්‍ෂේත්‍රය නගාසිටුවීමට ප්‍රවීණයන්ගේ කම්ටුවක්

    පෙබරවාරි 12, 2019

    ධිවර කර්මාන්තය නගාසිටුවීම සදහා ක්‍ෂේත්‍රය පිළිබද හසල දැනුමක් සහ අත්දැකීම් සහිත ප්‍රවීනයන්ගන් සමන්විත කම්ටුවක් මගින් යෝජනා හා අදහස් ලබාගෙන ධිවර කර්මාන්තය මෙරට තෙවන වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට පත් කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික ධිවර සමුපකාර සංවිධානයේ මිගමුව ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමේදීය . ධිවර සමුපකාර ව්‍යාපාරයේ වත්මන් තත්වය සහ පවතින ගැටළු පිළිබද මෙහිදී සාකච්ජා කෙරිණ .

    ජාතික ධිවර සමුපකාර සංවිධාන මුලස්ථානය වෙත ධිවර අමාත්‍යවරයෙකු පැමිණියේ වසර 20 කට පමණ පසු බව එහි සිටි ධිවර ජනතාව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත පැවසීය.

    මෙහිදී රැස්ව සිටි ධිවර සමුපකාර සංවිධානයේ නිලධාරීන් සහ නියෝජිතයින් හමුවේ අදහස් දැක් වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා; “ ඔබලාගේ සියළු ගැටළු දුක්ගැනවිලි වලට සවන් දුන්නා . සවන් දුන්නා විතරක් නෙමෙයි ඒ සියළු ගැටළු විසදීමට මැදිහත් වෙනවා . මම 1977 වසරේ මාදැල් ධිවර සමුපකාර සමිතියේ කළමණාකාර වරයා ලෙස කටයුතු කළා . මම එහිදී මේ සමුපකාර ව්‍යාපාරය පිළිබද විශාල අත්දැකීම් ලබපු කෙනෙක් . ධිවර ජනතාවට මේ සමුපකාර ව්‍යාපාරය මගින් මොනතරම් සේවයක් සලසන්න පුළුවන්ද කියලා මම අත්දැකීමෙන් දන්නවා . ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා තමයි ධිවර සමුපකාර සමිති රට වටා ආරම්භ කිරීමට කටයුතු කලේ .එකල ධිවර ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් ඇති වුනා . නමුත් කියන්න කණගාටුයි අද ඒ යුගය නැහැ . මම ධිවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වසර තුනහමාරක කාලයක් කටයුතු කළා .නමුත් අපි පිහිටවපු යහපාලන රජය අවසන් කරලා එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටවීමෙන් පස්සේ තමයි වැඩක් කරන්න අවස්ථාව ලැබුනේ . ”

     

     “ අපේ රටේ ධීවරයා වගේම ධිවර කර්මාන්තය විකුණගෙන කන යුගයක් තමයි තිබුනේ . ධිවර ජනතාවගේ යහපත වෙනුවෙන් ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා ධිවර සමුපකාර සංවිධානය වගේම රාජිත සේනාරත්න මැතිතුමා ජාතික ධිවර මහා සම්මේලනය බිහිකලා . නමුත් මේ දෙකම එක් ස්ථානයකට ගොනු කර ධිවර ජනතාවට වඩාත් හොද සේවයක් ලබා දිය යුතුයි . එහෙත් ධිවර සමුපකාර ව්‍යාපාරය පාලනය වෙන්නේ පළාත් සභා යටතේ . මහා සම්මේලනය ක්‍රියාත්මක වන්නේ ධිවර අමාත්‍යංශය පාලනයේ . මේ දෙක එකතු කිරීමට නීතිමය මධාවක් තියෙනවා .

     එම බාධාවන් ඉවත් කරලා එක් ගමනක් යන්න හැකියාව ලැබුනොත් මේ ධිවර ජනතාවට විශාලා සේවයක් සලසන්න පුළුවන් . මගේ එක් අරමුණක් තමයි ලක්‍ෂ 25 ක් පමණ වන අපේ ධිවර ජනතාව වෙනුවෙන්ම කැප වූ ධිවර බැංකු ක්‍රමයක් වගේම ධිවර ප්‍රජාව වෙනුවෙන්ම රක්‍ෂණ ආයතනයක් ආරම්භ කිරීම . කොරියාව වගේ රටවල ධිවර සම්මේලනය යටතේ තමයි ඒ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ . ”

     “ ධිවර ක්‍ෂේත්‍රයේ හසල දැනුමක් ඇති ප්‍රවීණයන්ගෙන් සමන්විත කම්ටුවක් පිහිටුවා මේ ධිවර ක්‍ෂේත්‍රය නගාසිටුවීමට ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගැනීමට මම කටයුතු කරනවා . අපේ ධීවරයා අපි ආරක්ෂා කරගත යුතුයි . ඔවුන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි . නමුත් අද ධිවර ජනතාව පත්ව සිටින තත්වය දකිනකොට අහනකොට විශාල දුකක් කණගාටුවක් ඇති වෙනවා . අපි ආදරය කරන කර්මාන්තයට වෙලා තියෙන දේ නිසා . මහා පරිමාණ ධිවර කර්මාන්ත කරුවන්ට වගේම සුළු පන්න ධිවර ජනතාවටත් සහන සැලසීමට කටයුතු කරනවා . ඒ සදහා අවශ්‍ය යෝජනා මම රජයට ඉදිරිපත් කරලා තියෙන්නේ . අපේ රටේ වැඩි පිරිසක් සුළු පන්න ධිවර ජනතාව . ඒ නිසා ඒ අයගේ බෝට්ටුවේ එන්ජිම් සදහා සියයට 50 සහනාධාරයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා . ”

     “ ධිවර ජනතාවගේ නිවාස ගැටළුවට ස්ථිර විසදුම් ලබාදීමට කටයුතු කරමින් ඉන්නා බව කියන්න ඕනේ . මේ යටතේ සෑම ධිවර දිස්ත්‍රික්කයක් සදහාම ධිවර නිවාස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා . ඒ සදහා නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය සමග අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා . මේ ධිවර නිවාස වැඩපිළිවෙල යටතේ රජයෙන් ඉඩමක් සමග රුපියල් ලක්‍ෂ 5 ක නිවාස ණයක් , රුපියල් ලක්‍ෂ එකහමාරක ආධාරයක් ලබාදී ජනතාවගේ ශ්‍රම දායකත්වය සහිතව එම නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා . ” යැයිද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya