අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික නාවිකයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

    පෙබරවාරි 10, 2019

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය දා උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී යාපනය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා ‍විශ්‍රාමික නාවිකයින් පිරිසක් නාවික හමුදාධිපති හමු විය.

    එම හමුවීම ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නාවික මැදුරේදී සිදු කෙරුණි.

    එහිදී, එම විශ්‍රාමික නාවිකයින් විසින් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම පිළිබඳව සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

    එම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිවරයා විසින් විශ්‍රාමික නාවිකයින් හට ත්‍යාග ප්‍රදානයක් ද සිදු කෙරිණි.

    එම අවස්ථාව සඳහා විශ්‍රාමික නාවිකයින්ගේ භාර්යාවන්, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නිලන්ත හීනටිගල, විධාන ගොඩබිම් මෙහෙයුම් (උතුරු) සහ මහජන සම්බන්ධීකරණ නිලධාරි (උතුරු), ‍කොමාණ්ඩර් සංජිව කොඩිකාර යන මහත්වරු සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya